COVID-19: ස්පාඤ්ඤයේ දින 10ක ශෝක කාලයක්

COVID-19: ස්පාඤ්ඤයේ මිය ගිය අය සිහි කිරීමට දින 10ක ශෝක කාලයක්

by Staff writer 27-05-2020 | 12:02 PM

News 1st - COVID-19 වසංගතයෙන් මිය ගිය ස්පාඤ්ඤ ජාතිකයන් සිහි කිරීමට එරට රජය දින 10ක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබේ.

එම වසංගතයෙන් එරට මිය ගිය පිරිස 30,000 කට ආසන්නය. ස්පාඤ්ඤයෙන් 235,000 කට අධික COVID-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වේ.