by Sagarika Chathumali 27-05-2020 | 6:01 PM
COLOMBO (News 1st) : හදිසියේ ශ්‍රී ලංකාවට රැගෙන ආ සීෂෙල්ස් ජාතිකයින් 35 දෙනා පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පැහැදිලි කිරීමක් සිදු කළේ ය.
ඔහු පැවසුවේ, මෙඩිකල් ටුවරිසම් යටතේ ප්‍රතිකාර සඳහා ඔවුන් මෙරටට පැමිණ ඇති බවයි.
මෙහිදී ඔවුන්ගෙන් මුදල් අය කිරීමක් සිදු කරන බවත් ඔවුන් කොරෝනා ආසදිතයින් නොවන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් මහාචාර්යවරයා සඳහන් කර සිටියේ, ඉන්දියාව සතු ව තිබූ මෙඩිකල් ටුවරිසම් වෙළඳපොළ අත් කර ගැනීම සඳහා මෙය කදිම අවස්ථාවක් බවයි.
මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් සිදු කළ පැහැදිලි කිරීම පහතින්....
https://www.facebook.com/NewsfirstSL/videos/285338365832262/