මහනුවර-බදුල්ල අතර ධාවනයට දුම්රිය දෙකක්

සීඝ්‍රගාමී දුම්රිය ධාවනය ප්‍රකාශිත කාලසටහන් පරිදි හෙටත්

by Staff writer 27-05-2020 | 5:41 PM

COLOMBO (News 1st) : 

කාර්යාල සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් ප්‍රකාශිත කාලසටහන පරිදි හෙටත් ධාවනය වන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද දුම්රිය මගීන්ගේ පැමිණීමේ අඩුවක් පැවති බවයි. මේ අතර, මහනුවර - බදුල්ල අතර, ධාවනයට දුම්රිය දෙකක් යොදවා තිබේ. දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සමාන්‍ය මගී ධාවනය සඳහා මෙම දුම්රිය යොදවා ඇති බවයි. ඒ අනුව, ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සිය ගමන් පහසුකම් සලසා ගත හැකි වේ.