ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ වාර්තා: ඡන්දෙට බාධාවක් නෑ

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවලට අනුව මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නැහැ - නීතිඥ නිෂාරා ජයරත්න

by Staff writer 27-05-2020 | 10:26 PM
COLOMBO (News 1st) : ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තා අනුව රටේ කොවිඩ් 19 මර්දනය කර ඇති බවත්, මහා මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් නොමැති බවත් ජනාධිපති අතිරේක ලේකම් (නීති) හා නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න කියයි. ජනවාරි 29 සිට මැයි මැයි 26 වන දින දක්වා මෙරට කෝවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් වූ සියලුම තත්ත්ව වාර්තාවන් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දී ඇති බව ද ඇය පැවසුවා ය. https://youtu.be/bdFGaHgqeLg