වාරියපොලදී පොල්පිටිය වැවට ලොරියක් පෙරළෙයි

වාරියපොලදී පොල්පිටිය වැවට ලොරියක් පෙරළෙයි

by Staff writer 27-05-2020 | 4:02 PM
COLOMBO (News1st) : නාරම්මල, වාරියපොල ප්‍රධාන මාර්ගයේදී ලොරි රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි. පසුව ප්‍රදේශවාසීන් ද එක්ව බැකෝ යන්ත්‍රය ආධාරයක් ලොරි රථය ගොඩ ගැනීමට කටයුතු කර තිබේ. අනතුරෙන් ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු තුවාල ලබා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසී ය.