රාජිත සේනාරත්න යළි රිමාන්ඩ්

රාජිත සේනාරත්න යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 27-05-2020 | 1:28 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තවදුරටත් ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේ ය.

මෙම නියෝගය දෙනු ලැබුවේ, පසුගිය ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළ නඩුව අද කැඳවමිනි. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප ඉල්ලීම වෙනත් අධිකරණයකට මාරු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ තීරණය කළේ ය.