COLOMBO (News 1st) 9.00Pm : තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 134කි.
ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.

----------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st)8.30Pm : තවත් කොරෝනා ආසාදිතයින් 54ක් හඳුනා දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1425 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 106කි.
මින් 53 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාවල සිටි නාවික හමුදා සාමාජිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණ සිටින පිරිස් අතරින් හඳුනා ගෙන තිබේ.

---------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) : අද තවත් කොරෝනා ආසාදිතයින් 53 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1372 දක්වා ඉහළ යනු ඇති.
අද වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉන් ආසාදිතයින් 630 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වනවිට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 732කි.