අගමැති මහින්ද පාර්ලිමේන්තු වරම් ලැබ වසර 50යි..

ජනතා නියෝජිතයෙකු ලෙස අඩසියවසක් සපුරන අගමැති මහින්දගේ විචිත්‍ර මතකය..

by Chathuranga Rajapaksha 27-05-2020 | 6:52 PM

Colombo (News 1st): අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියට අදට වසර 50ක් සපිරේ.

ඊට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග නිව්ස්ෆස්ට් සිදුකළ විශේෂ සංවාදය අද රාත්‍රී 8.00ට සිරස ටී.වී. ඔස්සේ විකාශය කෙරේ. එම වැඩසටහන අද උදෑසන 6.00ට ද සිරස ටී.වී. නාලිකාව ඔස්සේ විකාශය කළ අතර රාත්‍රී 8.00ට නැවත විකාශයක් ලෙස සිරස ටී.වී. ඔස්සේ ඔබට යළි එය නැරඹිය හැකිය. එම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ නිව්ස්ෆස්ට් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අසෝක ඩයස් මහතා විසිනි. 1970 මැයි 27 වන දින පැවති මහ මැතිවරණයෙන් බෙලිඅත්ත ආසනය ජයගෙන මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට පාර්ලිමේන්තු තේරී පත්විය. එතැන් සිට අඩසියවසක කාලයක් ජනතා නියෝජිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටට සිදු කළ සේවය, ඔහුගේ දේශපාලන අත්දැකීම්, දේශපාලනය තුළ සිදු වූ අමතක නොවන සිදුවීම් ආදිය මෙම වැඩසටහන තුළ සාකච්ඡා කර තිබේ. https://www.youtube.com/watch?v=oN0apOIOunU&list=PLwBEINflt3JHyqZ-0eKTid0U4mWNKGhKK&index=1