කළු කොටියාට උගුල් ඇටවීම: පුද්ගලයෙකු අත්අඩංගුවට

කළු කොටියාට උගුල් ඇටවීම: සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 27-05-2020 | 4:12 PM
COLOMBO (News 1st) : හැටන්, නල්ලතන්නිය ප්‍රදේශයේදී ඊයේ මද්දකට හසුව බේරා ගත් කළු කොටියාට උගුල ඇටවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසල එළවළු වගා භූමියක අටවා තිබූ මද්දට ඊයේ මෙම කළු කොටියා හසුව තිබිණ. වනජීවී නිලධාරීන් ඊයේ කොටියා නිරිවින්දනය කර බේරා ගත්තේ ය. උගුල ඇටවූ බවට සැක කෙරෙන පුද්ගලයා නල්ලතණ්නිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, අද පෙරවරුවේයි. ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.