COLOMBO (News1st) 9.55Pm : තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 135ක් දක්වා ඉහළ යනු ඇති.
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වේ.
ආසාදිතයින් 135 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් වන අතර ඉතිරි 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය.
මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ.

------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) 6.55Pm : තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව දිනයක් තුළ මෙතෙක් වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.
අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 88 දෙනෙකු කුවේට් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු අසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය.
කොවිඩ් 19 ව්‍යප්තිය පාලනය කිරීමේ කාර්යය සාධක බලකාය පවසන්නේ මේ වනවිට රට තුළ ආසාදිත පොකුරු 3 ක් හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ යනු ඇති.

--------------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) 5.30Pm : තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1206ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 24කි.

-----------------------------------------------------------------------------------------------------------------------------------
COLOMBO (News 1st) 5.15Pm :තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් 19 දෙනා ද සමගින් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1201ක් දක්වා ඉහළ යනු ඇති.

-----------------------------------------------------------------------------------------------------------------------------------
ආසාදිතයින් 479 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 712 දෙනෙකි.
COLOMBO (News 1st) 4.20Pm : තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1199 දක්වා ඉහළ යනු ඇති.
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1189 දක්වා ඉහළ යනු ඇති.
ආසාදිතයින් 467 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා සිටින ආසාදිතයින් ගණන 712කි.
