UPTADE: අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක්

UPTADE: අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක්

UPTADE: අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 135ක්

කර්තෘ Sagarika Chathumali

26 May, 2020 | 9:55 pm

COLOMBO (News1st) 9.55Pm : තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 135ක් දක්වා ඉහළ යනු ඇති.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද මෙය වේ.

ආසාදිතයින් 135 දෙනාගෙන් 127 දෙනෙකුම කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් වන අතර ඉතිරි 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය.

මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 1317ක් දක්වා වැඩි වී තිබේ.

————————————————————————————————————————————

COLOMBO (News 1st) 6.55Pm : තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු හඳුනා  ගැනීමත් සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව දිනයක් තුළ මෙතෙක් වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.

අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 88 දෙනෙකු කුවේට් සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු අසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් ය.

කොවිඩ් 19 ව්‍යප්තිය පාලනය කිරීමේ කාර්යය සාධක බලකාය පවසන්නේ මේ වනවිට රට තුළ ආසාදිත පොකුරු 3 ක් හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ යනු ඇති.

————————————————————————————————————————————–

COLOMBO (News 1st) 5.30Pm : තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1206ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 24කි.

———————————————————————————————————————————–

COLOMBO (News 1st) 5.15Pm :තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් 19 දෙනා ද සමගින් මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1201ක් දක්වා ඉහළ යනු ඇති.

———————————————————————————————————————————–

ආසාදිතයින් 479 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 712 දෙනෙකි.

COLOMBO (News 1st) 4.20Pm : තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1199 දක්වා ඉහළ යනු ඇති.

 


COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1189 දක්වා ඉහළ යනු ඇති.

ආසාදිතයින් 467 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා සිටින ආසාදිතයින් ගණන 712කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]