වැල්ලම්පිටිය, වෙන්නවත්තේ ගබඩාවේ ගින්න මැඩපවත්වයි

වැල්ලම්පිටිය පරිප්පු ගබඩාවේ ගින්න මැඩපවත්වයි

by Staff writer 26-05-2020 | 12:42 PM

UPDATE : 3.10 PM වැල්ලම්පිටිය, වෙන්නවත්තේ පරිප්පු ගබඩාවේ හටගත් ගින්න මැඩපවත්වා තිබේ.

අද පෙරවරු 11.30ට පමණ ගින්න හටගත් අතර ගින්නෙන් කන්ටේනර් 3කට අලාභ හානි සිදු ව තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩපවත්වීම සඳහා වතුර බවුසර් ඇතුළු ගිනි නිවීම් රථ 6 ක් යොදා ගත් බවයි.

--------------------------------------------------------------------------------------------------

COLOMBO (News 1st) - වැල්ලම්පිටිය, වෙන්නවත්තේ පරිප්පු ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැපැවැත්විම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් එහි යවා ඇති බවය.