තව ත් 3000 කට අධික පිරිසක් අද ගම්බිම් වෙත

බස්නාහිර පළාතේ රැඳී සිටි තව ත් 3000 කට අධික පිරිසක් අද ගම්බිම් වෙත

by Staff writer 26-05-2020 | 1:06 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ රැඳී සිටි තව ත් 3000 කට අධික පිරිසක් අද ගම්බිම් වෙත පිටත්ව ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට සහ ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට පිටත් කර යැවීමට කටයුතු කළ බවය. පසුගිය 23 වැනි දා කොළඹ සිර වී සිටි 1500 ආසන්න පිරිසක් ද ඔවුන්ගේ ගම්බිම් වෙත පිටත් කර හැරුණි. මේ වනවිට බස්නාහිර පළාතේ තාවකාලිකව රැඳී සිටි පුද්ගලයින් 16,000 කට අධික පිරිසක් ගම්බිම් වෙත ගොස් ඇත.