ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-05-2020 | 5:54 AM

දේශීය පුවත්

1. සීෂෙල්ස් රටින් හදිසියේ පැමිණි 35 දෙනා කවු ද?: සීෂෙල්ස් සිට පසුගිය සෙනසුරාදා හදිසියේ මෙරටට පැමිණි එරට වැසියන් 35 දෙනා පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ. 2. “ඡන්දය ගැන කියන්න වෙන්නේ අධිකරණ තීන්දුව අවසන් වුණාට පස්සේ ” – මැතිවරණ කොමිසමේ සභාපති: මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැන් දරණ ස්ථාවරය කුමක් ද? 3. කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි: කටාර් රාජ්‍යයේ සිට ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒමට අද දිනයේ සැ,ලසුම් කළ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබේ. 4. සමාජ දුරස්ථභාවය ගණන් නොගෙන කටයුතු කළොත් අත්අඩංගුවට: සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 5. මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි: මෙරට 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

විදෙස් පුවත්

6. COVID19: දකුණු අප්‍රිකානු ජනපතිගෙන් එරට වැසියන්ට අනතුරු ඇඟවීමක්: කොරෝනා වසංගතය තවදුරටත් අයහපත් තත්ත්වයකට පත්විය හැකි බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.