ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වන ලකුණු

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වන ලකුණු

by Staff writer 26-05-2020 | 6:19 PM

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ , සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. එමෙන්ම බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර් 100 ක පමණ වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.