අවසන් වසර වෛද්‍ය සිසුන්ට විශ්වවිද්‍යාල ඇරඹේ

අවසන් වසර වෛද්‍ය සිසුන්ට විශ්වවිද්‍යාල ඇරඹේ

by Staff writer 26-05-2020 | 4:00 PM

COLOMBO (News 1st) : සියලුම විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා ලබන මස 15 වැනිදා සිට විශ්වවිද්‍යාල නැවත ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, විභාග පැවැත්විම සඳහා අවසන් වසර සිසුන්ට වෛද්‍ය පීඨ විවෘත කිරීමට තීරණය කළ බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සම්පත් අමරතුංග මහතා ඒ බව සඳහන් කළේ ය.