අම්බලන්ගොඩ මහ වීදියේ ගින්නක්

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළෙඳසැල් 4 ක් ගිනි ගනී

by Staff writer 26-05-2020 | 7:42 AM

COLOMBO (News 1st) - අද අලුයම අම්බලන්ගොඩ මහ වීදියේ ඇති වූ ගින්නකින් දෙමහල් වෙළෙඳසැල් හතරක් ගිනි ගෙන විනාශ විය.

අද අලුයම 12.30 -1.00 ත් අතර මෙම ගින්න හටගෙන තිබේ. ගින්නෙන් අවන්හලක්, විදුලි උපකරණ අලෙවි සැලක්, රෙදිපිළි අලෙවි සැලක් සහ වෙළෙඳ සංකීර්ණයක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ. ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය. https://www.facebook.com/NewsfirstSL/videos/3002490006507939/