දිවයිනට ගිනිකොණ දිග වායුගෝලයේ කැළඹීමක්: අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

දිවයිනට ගිනිකොණ දිග වායුගෝලයේ කැළඹීමක්: අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

දිවයිනට ගිනිකොණ දිග වායුගෝලයේ කැළඹීමක්: අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්..

කර්තෘ Staff writer

26 May, 2020 | 8:37 am

COLOMBO (News 1st) – අද සිට ලබන 29 වැනි දා දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ, දිවයිනට ගිනිකොණ දිග වායූගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් එම වැසි තත්ත්වය ඇති වන බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මී. 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකිය.

අද සිට ලබන 29 වැනි දා දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්…

අද සිට ලබන 29 වැනි දා දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්…#lka #News1st #SriLanka #WeatherSL

Posted by Newsfirst.lk on Monday, May 25, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]