ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වන ලකුණු

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වන ලකුණු

ඉදිරි දින කිහිපයේදී වැසි වැඩි වන ලකුණු

කර්තෘ Staff writer

26 May, 2020 | 6:19 pm

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, වයඹ , සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

එමෙන්ම බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර් 100 ක පමණ වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]