අම්බලන්ගොඩ මහ වීදියේ වෙළෙඳසැල් 4 ක් ගිනි ගනී

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළෙඳසැල් 4 ක් ගිනි ගනී

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළෙඳසැල් 4 ක් ගිනි ගනී

කර්තෘ Staff writer

26 May, 2020 | 7:42 am

COLOMBO (News 1st) – අද අලුයම අම්බලන්ගොඩ මහ වීදියේ ඇති වූ ගින්නකින් දෙමහල් වෙළෙඳසැල් හතරක් ගිනි ගෙන විනාශ විය.

අද අලුයම 12.30 -1.00 ත් අතර මෙම ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් අවන්හලක්, විදුලි උපකරණ අලෙවි සැලක්, රෙදිපිළි අලෙවි සැලක් සහ වෙළෙඳ සංකීර්ණයක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

ගින්නට හේතුව අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළෙඳසැල් 4 ක් ගිනි ගනී

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළෙඳසැල් 4 ක් ගිනි ගනීRead More: https://bit.ly/2TEFCXP#lka #News1st #SriLanka #Fire

Posted by Newsfirst.lk on Monday, May 25, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]