COVID19:ද.අප්‍රිකානු ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

COVID19: දකුණු අප්‍රිකානු ජනපතිගෙන් එරට වැසියන්ට අනතුරු ඇඟවීමක් - ලොව වටා කොරෝනා තත්ත්වය

by Staff writer 25-05-2020 | 10:21 AM

COLOMBO (News 1st) –  කොරෝනා වසංගතය තවදුරටත් අයහපත් තත්වයකට පත්විය හැකි බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.

නමුත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රට වසා දමමින් පනවා ඇති සීමාවන් ලබන පළමු වනදා සිට ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවයි. ඊයේ දිනයේදී නව ආසාදිතයින් 1240 දෙනෙකු හඳුනා ගැනීමත් සමග, එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,583 ක් දක්වා ඉහළ ගියේ ය. දකුණු අප්‍රිකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 429 කි. මේ අතර පසුගිය දින 14ක කාලය තුළ බ්‍රසීලයේ සංචාරය කළ විදේශිකයන්ට අමෙරිකාවට පැමිණීම අත්හිටුවා තිබේ. ඒ, බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ය. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ හැට තුන්දහස් හයසියය දහ අටකි. ඉන් ආසාදිතයින් 16 220 ක් ගත වූ පැය 24 තුළ හඳුනා ගැනුණි. වෛරසය ආසාදනයෙන් එරට පුද්ගලයින් 22,716 දෙනෙකු මිය ගියේ ය. මේ අතර ලොව පුරා රටවල් 213 කින් වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 5.5 ඉක්මවා ගොස් තිබේ. වාර්තා වන මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හතලිස් හයදහස් හාරසියය තිස් හතරකි.