ජපානයේ පැන වූ හදිසි තත්ත්වය ඉවත් කෙරේ

COVID-19: ජපානයේ පැන වූ හදිසි තත්ත්වය ඉවත් කෙරේ

by Staff writer 25-05-2020 | 5:20 PM

News 1st - කොරෝනා ව්‍යාප්තිය සමග ජපානය පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.

අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ජාතිය අමතමින් අද මේ බව ප්‍රකාශ කළේ ය. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පසුගිය අප්‍රේල් 7 වැනි දා හදිසි තත්ත්වය පිළිබඳ නියෝග නිතුක් කිරීමෙන් අනතුරුව වෛරස ව්‍යාප්තිය පාලනයට සිය රජය සමත් වූ බවය. මේ වනවිට එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 16,550 කි. වාර්තා වී ඇති කෙරෝනා මරණ සංඛ්‍යාව 820 කි.