by Staff writer 25-05-2020 | 5:53 PM
COLOMBO (News 1st) -මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් ඇති කාලසටහනෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.
විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ, උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනා වෙත දැනුම් දෙන බවය.
තැපැල් හා විදුලි සංදේශ කොමිෂන් සභාව වෙත අදාළ සාවද්‍ය කාලසටහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිලි කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය.