මත්ද්‍රව්‍ය සමග 343 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාතේ කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග 343දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 25-05-2020 | 11:52 AM

COLOMBO (News 1st) –  බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 343 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ හෙරොයින්, ගංජා, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් සිය භාරයට ගත් බව ය. හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 109 කි.