බත් පැකට්ටුවේ මිලත් ඉහළ යන ලකුණු...

බත් පැකට්ටුවේ මිලත් ඉහළ යන ලකුණු...

by Staff writer 25-05-2020 | 9:03 PM

COLOMBO (News 1st) - අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක බදු ඉහළ යෑම හේතුවෙන් කෑම මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

සීනී, පරිප්පු, අර්තාපල්, වියළි මිරිස්, සැමන් ඇතුළු ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක් මත අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පසුගිය සිකුරාදා සිට ඉහළ දැමීමට රජය පියවර ගත්තේ ය. එහිදී මිදි, ඇපල්, දොඩම්, රටඉඳි, රට කජු, බඩ ඉරිඟු, මාජරින් ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම කුළු බඩු හා පාම් තෙල්වර්ග ඇතුළු භාණ්ඩ රැසක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දැමුණි. https://www.facebook.com/NewsfirstSL/videos/664409851089085/