ඡන්දය කවදා ද?

"ඡන්දය ගැන කියන්න වෙන්නේ අධිකරණ තීන්දුව අවසන් වුණාට පස්සේ " - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 25-05-2020 | 9:00 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැන් දරණ ස්ථාවරය කුමක් ද?

මේ පිළිබඳව අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළේය.
කවදා ඡන්ද විමසීම තියන්න පුළුවන්ද කියන එකට කියන්නට පුළුවන් අධිකරණ තීන්දු අවසන් වුණාට පස්සේ. හැබැයි ඒක තීරණය කරනකොට අපි සලකා බලනවා රටේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ ජීවිතවලට අවදානමක් තියෙනවාද කියන එක. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මොනව ද? ක්‍රියාත්මක කරන්නේ කියන එක. අනිත් අතට දෙවෙනි කරුණ හැටියට අපේ නිලධාරීන් මෙම මුලික කටයුතු අවසන් කිරීමට ප්‍රමාණවත් කාලයක් තියේවි ද? තුන්වෙනි කරුණ දේශපාලන පක්ෂවලට සමභූමීයේ තරගයක් කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රචාරණ කටයුතු කිරීමට හැකියාවක් තියෙනවා ද යන වග මේ සියලුම කරුණු සළකා බලලා තමයි අපි ඡන්ද විමසීමේ දිනයක් තීන්දු කරන්නේ.  
https://www.facebook.com/NewsfirstSL/videos/2343935775907256/