කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර

කොළඹ හෝටල් සහ රෙස්ටුරන්ට් විවෘත කරන්න හෙට සිට අවසර..

by Staff writer 25-05-2020 | 8:30 AM

COLOMBO (News 1st) –  සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා රෙස්ටුරන්ට් සඳහා හෙට සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.

වෛද්‍යවරයා පැවසුවේ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෙට සිට එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව ය. අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවද ඔහු පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/250385319403732/