කොළඹ හා ගම්පහ හැර අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට

කොළඹ හා ගම්පහ හැර අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට..

by Staff writer 25-05-2020 | 10:53 AM

COLOMBO (News 1st) – සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට නියමිත ය. බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය. බස් රථ වල ගමනාන්තය පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ සඳහන් කළ යුතු අතර සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු ය. බස් රථ ධාවනය සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.   මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්.පණ්ඩුක මහතා පැවසුවේ හෙට සිට දිවයිනපුරා ලංගම බස් සේවා ක්‍රියාත්මක බවයි.