by Staff writer 25-05-2020 | 9:06 PM
COLOMBO (News 1st) - ඉන්දුනීසියාව ආසන්නයට ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලින් 22 ක් මේ වනවිට සමුදුර නෞකාවේ ආරක්ෂාව සමග ගොඩබිමට යාත්‍රා කරමින් සිටින බව වාර්තා වේ.
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රා සමූහයක් පසුගිය දා ඉන්දුනීසියාවට ආසන්න මුහුදු තීරයට ගසාගෙන ගොස් තිබේ.
පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාව ඔවුන් සිටි පෙදෙසට යාත්‍රා කළ අතර නාවික හමුදාව පැවසුවේ, එය මුහුදු සැතපුම් 360 ක් ඈතින් යාත්‍රා කරමින් සිටින බවය.
අදාළ යාත්‍රාවල සිටින ධීවරයින් පවසන්නේ, මේ වනවිට ගැඹුරු මුහුදට පතිත වන වැසි හේතුවෙන් ගමන් කරන වේගය අඩාල වී ඇති බවය.
එම නිසා ගොඩබිමට ළඟා වීමට තව දින 4 කට වඩා ගත වනු ඇති බව ද ඔවුන් සඳහන් කළහ.
මේ අතර තංගල්ලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රා 2 ක ධීවරයින් හම්බන්තොට මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී තිබෙන්නේ සහන අවශ්‍ය බවයි.
සමුදුර නෞකාව අදාළ යාත්‍රා සම්බන්ධ කර ගැනීමට උත්සහ දරමින් සිටින බව හම්බන්තොට මෙහෙයුම් මැදිරිය සඳහන් කළේ ය.