by Staff writer 25-05-2020 | 3:08 PM
News 1st - COVID-19 වෛරස ආසාදිතයින් දෙලක්ෂ තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලියේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වෙමින් පවතී.
ඉතාලියේ පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව වැනීසියේ සංචාරය කිරීමේ අවස්ථාව ස්වදේශික සංචාරකයන්ට හිමි වූයේ ඊයේ දිනයේදීය.
පසුගිය මාස දෙක තුළ එරට තිස් දෙදෙහසකට අධික පිරිසකට COVID-19 හේතුවෙන් ජීවිත අහිමි විය.
මේ අතර වැනිස් සිනමා උළෙල මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් බවට සංවිධායකයින් පවසති.
ලොව දීර්ඝතම සිනමා උළෙල ලෙස සැළකෙන මෙය මෙවර පැවැත්වෙන්නේ 77 වැනි වරටය.