ශ්‍රාවස්තිපුර ප්‍රදේශයෙන් පුද්ගල මළ සිරුරක්

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයෙන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

by Staff writer 25-05-2020 | 3:44 PM

COLOMBO (News 1st) - සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබේ.

ශ්‍රාවස්තිපුර 5 ඇළ ප්‍රදේශයේ කුඹුරු යායක් අසළ තිබී ඊයේ පස්වරුවේ මෙම මළ සිරුර හමුවිය. අප වාර්තාකරු පැවසුවේ, මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 52 ක දෙදරු පියෙකු බවය. නිවැසියන් පැවසුවේ, ඊයේ උදෑසන අදාළ පුද්ගලයා නිවසින් පිටව ගොස් ඇති බවයි. ඒ අනුව පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.