සීෂෙල්ස් ජාතිකයින් පිරිසක් මෙරටට ගෙන ආවේ ඇයි?

විදේශ අමාත්‍යාංශයෙන් සීෂෙල්ස්හි ඉන්න 35 දෙනෙකුට විතරක් ප්‍රමුඛතාවය දුන්නේ ඇයි? - මාධ්‍යවේදීන් රජයෙන් ප්‍රශ්න කරයි

by Hashini De Mel 24-05-2020 | 10:20 PM

COLOMBO (News 1st) –  සීෂෙල්ස් රාජ්‍යයේ පුරවැසියන් 35 දෙනෙක් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් මාධ්‍ය අද රජයෙන් ප්‍රශ්න කළේ ය.

මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
විදේශ කටයුතු අමාත්‍යාංශයට චෝදනාවක් තිබෙනවා. විදෙස්ගතව සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් දහසකට , පනස් දහකට අධික ප්‍රමාණයක් එරට ඉදිද්දී ප්‍රමුඛතාවය දුන්නේ ඇයි සීෂෙල්ස් රාජ්‍යයේ ඉන්න රෝගීන් 35 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ?
පිළිතුර - විදේශ සබඳතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා
41,000 ක් පමණ අපේ දත්ත අනුව ඉල්ලීමක් තිබෙනවා. නමුත් 35 දෙනෙක් ඔබතුමා කියන විදිහට මම හිතන්නේ සීෂෙල්ස් වාසීන් මේ රටේ මෙඩිකල් ෆැසිලිටි එක ඒ කියන්නේ වෛද්‍ය පහසුකම් ඒ රටේ තියෙන අඩුපාඩු හින්දා රජයට ඉල්ලීමක් කළා. ඉතින් ඒක මානුෂීය පැත්ත විතරක් නෙවෙයි අපේ ද්විපාර්ශවීය සම්බන්ධතා පිළිබඳව අපි දක්වන එක්තරා සංකේතයක්.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය -
එතකොට සීෂෙල්ස්වල ඉඳලා වගේම වෙන රටවල ඉඳලත් ඔය වගේ රික්වෙස්ට් එකක් කලොත් ලංකාවේ රෝගීන්ට වඩා ප්‍රමුඛතාවයක් ඒ රෝගීන්ට ලැබෙන්නට පුළුවන්ද? වෙන රටවලින් ඔහොම ඉල්ලීම් කරලා එන්න පටන් ගත්තොත් ලංකාවට
පිළිතුර - විදේශ සබඳතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා
දැනට මාලදිවයිනෙත් එහෙම ඉල්ලීමත් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබී තියෙනවා. ඒම විශාල පිරිසක් ඉල්ලීමක් කරන එකක් නැහැ මම හිතන හැටියට මොකද ඒ රටවලත් දියුණු වෙච්ච සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තියෙනවා. සමහර රටවල්වල සෞඛ්‍ය ක්ෂේත්‍රය සාපේක්ෂව අපි දියුණුවෙලා තියෙන හින්දා එවැනි අවස්ථා ලබා දී තිබෙනවා.