සිලිටු දෑ තුඩුවා යළිත් බුන්දල ජාතික වනෝද්‍යානයේ

වසර 148කට පසු මෙරටදී බිජු දැමූ පක්ෂියා

by Staff writer 24-05-2020 | 9:15 PM

COLOMBO (News 1st) – සිලිටු දෑ තුඩුවා යනු විදේශීය පක්ෂියෙකි.

1870 වර්ෂයෙන් පසුව මේ පක්ෂියා ගැන ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නොමැත. එහෙත් නැවතත් බුන්දල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් මේ පක්ෂියා පැටවුන් ද සමග නිරීක්ෂණය කර තිබේ. ග්ලොසි ඉබිස් නමැති මෙම සංචාරක පක්ෂියා අසල්වැසි රටවලින් මෙරටට පැමිණෙන බවත්, ශ්‍රී ලංකාවේදී හඳුන්වන්නේ සිලිටු දෑ තුඩුවා ලෙසින් බවත් පරිසරවේදීහු පවසති. වසර 148කට පමණ පසුව මෙම පක්ෂියා මෙරටින් බෝවන බව අනාවරණය වී තිබීම විශේෂත්වයකි. බුන්දල ජාතික වනෝද්‍යානයේ එක් පෙදෙසක වෙනත් පක්ෂීන් සමග මෙම පක්ෂි විශේෂයේ පැටවුන් 6 දෙනෙකු කූඩු 2ක දක්නට ලැබුණි. මේ පක්ෂියා 19 වන සියවසේ අවසන් භාගයේදී මෙරට තුළ යම් ප්‍රමාණයකට ව්‍යාප්ත වී සිටි බව පක්ෂි විද්‍යාඥ වින්සෙන්ට් ලෙග් මහතා ලියූ හිස්ට්‍රි ඔෆ් ද බර්ඩ්ස් ඔෆ් සිලෝන් ග්‍රන්ථයේ සඳහන් වේ. 1872 වසරේදී තිස්සමහාරාමයේ උඩුවිල වැව ආශ්‍රිතව මෙම වර්ගයේ පක්ෂීන් පැටවුන්ද සමග සිටි බවත්, එහි කූඩු 8ටක් තිබූ බවත් වාර්තා වී තිබේ.‍ බුන්දල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු අජිත් ගුණතුංග මහතා අපිට අලුත් අත්දැකීමක් මේක. අපි ඒ ප්‍රදේශය ස්වභාවික තත්ත්වය යටතේම , පවතින තත්ත්වය යටතේම තවදුරටත් සංරක්ෂණය කරලා ඒ වගේම එම සතුන්ගේ ඒ චර්යාවන්ට හානි නොවන පරිදි තොරතුරු රැස් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ සංරක්ෂණ කටයුතු තවදුරත් තීවුර කිරීම සඳහා. පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මේක අපි යම්කිසි වෙලාවක වෙයි කියලා බලාපොරොත්තු වුණු , පූර්වේක්ෂණය කරපු දෙයක්. නමුත් මේක බුන්දල ජාතික වනෝද්‍යානය තුළ මේ අවුරුද්දේ සිදුවීම ඉතාමත්ම සුවිශේෂී සිද්ධියක්. සමහරවිට මේකට එක හේතුවක් වෙන්න පුලුවන් මේ කාලයේ ජාතික වනෝද්‍යානය වහලා තිබ්බ නිසා ඒ අයට වෙන හානි සහ ඒ අයට වෙන බාධා කිරීම් අවම වෙච්ච නිසා නිදහස් පරිසරයක් ලැබුණා කියන එක. මම ඒකම හේතුව කියන්න කැමති නෑ, සමහරවිට දේශගුණික හේතුවක් වෙන්න පුළුවන්. බුන්දල කියන්නේ රම්සා ප්‍රඥප්තිය යටතේ නම් කරපු පළවෙනි තෙත්බිම් ප්‍රදේශය. ඒ නිසා මේකේ අන්තර්ජාතික වශයෙන් නම් කරපු තෙත්බිම් ප්‍රදේශයේ වලංගුතාවය පිළිබඳව තවත් විශාල වටිනාකමක් එක පැත්තකින් https://www.facebook.com/NewsfirstSL/videos/2376377189321372/