24 ක් තුළ ලොව පුරා COVID-19 අසාදිතයින් 99,000 ක්

ගත වූ පැය 24 තුළ ලොව පුරා COVID-19 අසාදිතයින් 99,000 ක්

by Staff writer 24-05-2020 | 8:38 AM

News 1st - ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස්තුන්ලක්ෂ අනූහත්දහස ඉක්මවා තිබේ.

ඒ, ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් අනූ නවදහස් අටසියය හතලිස් පස්දෙනෙකු හඳුනාගැනීමත් සමගය. ඒ අනුව ලොව පුරා රටවල් 213 කින් වාර්තා වන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස්තුන්ලක්ෂ තිස්නවදහස් අටසියය පනස් හතකි. ගත වූ පැය 24 තුළ වෛරසය ආසාදනයෙන් හාරදහසකට අධික පිරිසක් මිය ගියහ. ඒ අනුව වෛරසය ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස්තුන්දහස් හයසියය අටකි. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අනූඅටදහස් හයසියයකට අධිකය. මේ වනවිට වෛරසය ආසාදනයෙන් සම්පූර්ණ සූවය ලැබූවන් සංඛ්‍යාව විසි දෙලක්ෂ හතලිස් හතර දහසකට අධිකය. ඉන්දියාවේ කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්එක්දහස ඉක්මවා තිබේ. ඒ, ගත වූ පැය 24 තුළ ද නව ආසාදිතයින් 6229 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.