by Staff writer 23-05-2020 | 4:29 PM
Update: 4.30 PM සීෂෙල්ස් රාජ්‍යයේ සිට පුද්ගලයින් 35 දෙනෙකු අද මෙරටට පැමිණියේ ය.
එරටට අයත් ගුවන් යානයකින් එලෙස මෙරටට පැමිණීයේ සීෂෙල්ස් ජාතිකයින් 35 දෙනෙකි.
ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසුමකදී ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ අදාළ පිරිස මෙරටට ගෙන්වා ප්‍රතිකාර ලබා දෙන්නැයි සීෂෙල්ස් රාජ්‍යයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් පිරිසට මෙරටට පැමිණීමට අවසර ලබාදුන් බවය.
ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිත බව ද ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ ය.
------------------------------------------------------------
COLOMBO (News 1st) : සීෂෙල්ස් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැගත් එරට ගුවන් සේවයට අයත් යානයක් දිවයිනට පැමිණ තිබේ.