මත්කුඩු සමග පොල්ගහවත්තේදී සැකකරුවෙකු අත්අඩංගුවට

මත්කුඩු සමග පොල්ගහවත්තේදී සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 23-05-2020 | 4:10 PM

COLOMBO (News 1st) : ගනේමුල්ල පොලිස් දූෂණ මර්ධන අංශය විසින් පොල්ගහවත්ත ප්‍රදේශයේ දී මත්කුඩු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50 ක් සිය භාරයට ගත් බව ය. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි. පොලීසිය සැක පළ කරන්නේ බන්ධනාගාර තුළ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් සමග සැකකරු සබඳතා පවත්වා ඇති බවයි. මින් පෙර අවස්ථාවල ද සැකකරු මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.