COLOMBO (News 1st) : පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව 2020.05.09 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.