ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කොයිබට ද?....

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය කොයිබට ද?....

by Staff writer 23-05-2020 | 10:28 PM

COLOMBO ( News 1st ) - සුවහසක් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට පත් ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන පරිපාලකයින් එයට තෝරා පත් වන්නේ කෙසේද ?

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ශ්‍රී ලාංකිකයින් වෙත ක්‍රිකට් පරිපාලකයින් පත්වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමට අපි සූදානම් වෙමු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලධාරීන් පත් කිරීම වෙනුවෙන් පවතින ඡන්ද සංඛ්‍යාව 147 කි. දිස්ත්‍රික්ක 22 ක් සඳහා එක් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් ඡන්ද 2 බැගින් ඡන්ද 44 ක් ඊට අයත් වේ. එසේම ඊට පළාත් 5 ක් සඳහා හිමි ඡන්ද 10 ක්ද ඇතුළත් ය. පාලන ක්‍රීඩා සමාජ 29 ක් සඳහා ඡන්ද 58 ක් සහ ක්‍රීඩා සංගම් 6 ක් වෙනුවෙන් ඡන්ද 12 ක් ද ඊට ඇතුළත් වේ. අනුබද්ධිත ක්‍රීඩා සමාජ 23 ක් සඳහා හිමි ඡන්ද සංඛ්‍යාව 23 කි. පාලන ක්‍රීඩා සමාජ 29 ට ඇතුළත් තුන්වන කාණ්ඩයේ ක්‍රීඩා සමාජ 8 ක් සඳහා දෙවැනි කාණ්ඩයට උසස්වීම් ලැබෙන්නේ මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ තීරණ මතයි. අනුබද්ධිත ක්‍රීඩා සමාජ 23 න් අතරින් කණ්ඩායම් 6 ක් තුන්වන කාණ්ඩයේ ක්‍රීඩා සමාජ වුවද දෙවැනි පෙළ තරගාවලි සඳහා ක්‍රීඩා කරන්නේ මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ ආරාධනා අනුව ය. මෙම එකම කණ්ඩායමක් හෝ තරගාවලියක් ජයග්‍රහණය නොකොට තුන් වැනි කාණ්ඩයේන් දෙවැනි කාණ්ඩය සඳහා උසස්වීම් ලබා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඡන්දය 28 ක් හිමි දිස්ත්‍රික්ක අතරින් දිස්ත්‍රික්ක 14 ක් පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා එක් නොවීමද කැපී පෙනෙන කරුණකි. තවදුරටත් අප සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වන්නේ දිස්ත්‍රික් සංගම් අතරින් බොහෝ ප්‍රමාණයක් මෙරට දෙවැනි පෙළ ක්‍රිකට් තරග සඳහා සහභාගී නොවන බවයි. ක්‍රිකට් ලෝකයට දායාද කළ එංගලන්තයට මෙන්ම අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල්වලට වඩා මෙරට ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් මෙතරම් ඡන්ද ප්‍රමාණයක් පවතින්නේ නිලධාරීන්ගේ බලය රැක ගැනීම උදෙසා ය. ඊට කදිම නිදසුනක් වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ඡන්දය භාවිතා නොකලද ඇසෝසියේට් ක්‍රීඩා සමාජ 20 ක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් ප්‍රතිපාදන ලබාදීමයි. එමෙන්ම විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමිවිය යුතු මුදල් විදෙස් ගිණුම්වලට ගිණුම් ගත් වූ අයුරු අපට අමතක වී නොමැත. ඒ සියල්ල පසෙකලා ක්‍රිකට් බලධාරීන් දැන් අවධානය යොමුකොට ඇත්තේ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම වෙනුවෙන් ය. වත්මන් ක්‍රිකට් පරිපාලකයින් දැනගත යුතු කරුණ වන්නේ ඔබ සියලු දෙනාට මෙම තත්ත්වය උදා කරදීම සඳහා අතීතයේදී බොහෝ පිරිසක් කිසිදු වරප්‍රසාදයකින් තොරව සිය මහන්සිය මෙන්ම ධනයද වැය කළ බවයි. හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට සූදානම් වන පසුබිමක පසුගිය වසරේ නොවැම්බර් 21 වැනිදා පාදුක්ක ප්‍රදේශයේද අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ගිවිසුම් අත්සන් කර ඇති බව අප අනාවරණය කළෙමු. එමෙන්ම මේ පුවත්පත් දැන්වීම හරහා පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්යාල පිහිටුවීම සඳහා ඉඩම් වෙන්කර ගැනීමක් වෙනුවෙන් පසුගිය වසරේ දැන්වීමක් පළ කර තිබූ ආකාරයයි. ඒ අනුව පසුගිය වසරේ ජුලි මස 21 වැනිදාට පෙර අදාළ මිල ගණන කැඳවීම සිදුකර තිබුණේ මේ ආකාරයෙන් ය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර බංග්ලාදේශ ගත්තහම අපිට වඩා විශාල ජන ගහණයක් ඉන්නවා. නමුත් අපේ තරම් ක්‍රීඩා පිටි නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩාපිටිත් අපි තරම් නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය එන්න එන්නම වැඩි දියුණුවෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ ඒ සැළැස්ම ඉතාමත් හොඳයි. හුගාක් රටවල් ගත්තහම පාලක මණ්ඩලයට කියලා ක්‍රිකට් ක්‍රීඩා පිටි අයිති නැහැ.   https://www.facebook.com/NewsfirstSL/videos/816960175777729/