by Staff writer 23-05-2020 | 6:59 AM
COLOMBO (News 1st) : මෙවර පොසොන් උත්සවය සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නැයි, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, ජාතික පොසොන් සතිය ලබන දෙවැනිදා සිට 8 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
ආරෝග්‍යයා පරමාලාභා යන තේමාව ඔස්සේ මෙවර පොසොන් පොහොය සැමරෙන අතර මිහින්තලාව කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බව ඔහු පැවසී ය.
පුද්ගලයින් එක්රැස් කරමින් දන්සැල් පැවැත්වීමට මෙවර පොසොන් පොහොයේදී තහනම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් මත සියලු පුණ්‍ය කටයුතු සිදු කරන්නැයි විහාරස්ථානවලට උපදෙස් ලබාදී ඇති බවයි.