රුසියාවේ සිටි ලාංකිකයින් 261ක් දිවයිනට

රුසියාවේ සිටි ලාංකිකයින් 261ක් දිවයිනට

by Staff writer 23-05-2020 | 7:16 AM
COLOMBO (News 1st) : මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් ඊයේ රාත්‍රි කටුනායක ගුවන් තොටුපළට ළඟාවිය. එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයින් 261 දෙනෙකු එම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බවයි. ඔවුන් විෂබීජහරණ ක්‍රියාවලියකින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බව ඔහු පැවසී ය.