by Staff writer 23-05-2020 | 9:24 AM
COLOMBO (News 1st) : සියලු පාසල්වලට ශරීර උෂ්ණත්වය මැනීමේ උපකරණ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, මීට අමතරව පාසලේ සිසුන් සංඛ්‍යාව අනුව අත සේදීම සදහා පාදයෙන් ක්‍රියාත්මක කළහැකි කරාමය සහිත බේසම් මෙන්ම ගිලන් ඇදක් ලබාදීමට පියවර ගන්නා බවයි.
ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 630 කි.
පාසල් යළි විවෘත කිරීමට පෙර සෑම පාසලකටම මෙම උපකරණ ලබාදෙන බව ඔහු පැවසී ය.
අමාත්‍යවරයා සඳහන් කළේ, සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරිම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
ඒ අනුව සිසුන් සඳහා මුව ආවරණ ලබාදීමට ද සැලසුම් කර ඇති බව ඔහු පැවසී ය.