by Staff writer 23-05-2020 | 7:11 AM
COLOMBO (News 1st) : අද රාත්‍රී 8.00 සිට 26 වන අඟහරුවාදා අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, 26 වන අඟහරුවාදා අලුයම 5 ට කොළඹ හා ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කරන බවයි.
ඉන් අනතුරුව නැවත දැනුම් දෙනතුරු එම දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ සෑම දිනකම රාත්‍රි 8.00 සිට අලුයම 5.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.
කෙසේ වෙතත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඇඳිරි නීතිය පැවතිය ද එම දිස්ත්‍රිකක්වල ජන ජීවිතය යථාවත් කිරීමේ වැඩපිළිවෙළ 26 වන අඟහරුවාදා සිට යළිත් ක්‍රියාත්මක බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
ඇඳිරි නීති කාලය තුළ නිරෝධායන නීතියට අනුව කටයුතු කරන්නැයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.