by Staff writer 23-05-2020 | 6:39 AM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පස්වරු දෙකෙන් පමණ පසු ඌව පළාතේ ස්ථාන කිහිපයකට ගිඟුරුම් සහිත වැසි ඇතිවනු ඇති.
දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් දක්වා වැඩිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය.
මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 7 ක නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 3 දක්වා දිර්ඝ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තවදුරටත් නායයාම් පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවයි.
මීට අමතරව ගාල්ල, මාතලේ, කෑගල්ල, කුරුණෑගල මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාම් පිළිබඳ පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ය.