JUST IN : මැයි 24 සහ 25 මුළු දිවයිනටම ඇඳිරි නීතිය

JUST IN : ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයක් නිකුත් වෙයි

by Sagarika Chathumali 22-05-2020 | 10:36 AM
COLOMBO (News 1st) : ඉදිරියේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකරය පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වනු ඇති. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (23) සෙනසුරාදා රාත්‍රී 8.00 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි 26 අඟහරුවාදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඉන් පසු මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක වේ. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ හෙටත් ක්‍රියාත්මක අතර මැයි 26 අඟහරුවාදා සිට පෙර පරිදි ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති.