by Staff writer 22-05-2020 | 9:16 PM
COLOMBO (News 1st) : ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානිකර ගැනීමට උත්සාහ කළ තරුණිය බේරාගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ දෙදරු පියාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිත ය.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ හමීඩ් රිස්වාන් කොත්මලේ ජලාශයට ඊයේ පැන තිබුණේ 22 හැවිරිදි තරුණියක් බේරාගැනීමට ය.
නමුත් එම අවස්ථාවේ දියේ ගිලුනු රිස්වාන්ට ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය.
ඊයේ පස්වරුවේ ඔහුගේ සිරුර හමුවූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට ලිදුල රත්නගිරි පොදු සුසාන භුමියේදී සිදු කිරිමට නියමිත ය.
දිවි බේරාගත් තරණිය තවදුරටත් ලිදුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි වෛද්‍යවරුන් පවසයි.
අද තලවාකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා රෝහල්ගතව සිටින තරුණියට රෝහලට ගොස් දැඩි අවවාද කළේ ය.
මේ අතර, තලවාකැලේ ප්‍රදේශයේ තරුණයින් පිරිසක් තලවාකැලේ පොලීසිය වෙත පැමිණ දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ ඔහුට සහාය වූ පොලිස් කොස්තාපල්වරයෙකුට සළුවක් පළදවා උපහාර පුද කළේ ය.
https://youtu.be/F_LGx9gtRoo