COLOMBO (News 1st) : පකිස්ථාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි නුවරට කඩා වැටී තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලහෝර් නුවර සිට කරච්චී දක්වා ගමන් කළ මගී ප්‍රවාහන ගුවන් යානයක් මෙසේ කඩා වැටී ඇති බවයි.
මේ දක්වා, යානයේ ගමන් කළ පිරිස සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් නොවන අතර, එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ, මගීන් 90 කට වැඩි පිරිසක් හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එහි සිටි බවයි.
එරට රූපවාහිනී ආයතනයක් විසින් පෙන්වා ඇති රූප රාමු වලට අනුව ජනාකීර්ණ ප්‍රදේශයකට මෙම ගුවන් යානය වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අදාල අනතුරේ දර්ශන ට්විට්ර් ඇසුරෙන්