වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කෙරේ

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 21-05-2020 | 12:17 PM

COLOMBO (News 1st) - වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 61 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද පෙරවරුවේ එක් වෙමිනි. මේ අතර දිවයිනේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නේවාසිකාගාර ඉදිකිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/259525988761146/