by Staff writer 21-05-2020 | 6:08 PM
COLOMBO (News 1st) : තම ජීවිතයට පරදුවට තබා වෙනත් අයෙකුගේ ජීවිතයක් වෙනුවෙන් කැපවීම සමාජයේ දුලභ ලක්ෂණයකි.
එහෙත් අද ඉහල කොත්මලේ ජලාශයට පැන්න තරුණියක් බේරා ගැනීමට තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා හා එහි පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කරන්නේ එම මානුෂීය ගුණාංගය යළිත් සිහිපත් කරමිනි.
22 හැවිරිදි එම තරුණිය බේරා ගැනීමට පොලිස් නිලධාරීන්ට පෙර 32 හැවිරිදි දෙදරු පියෙකු තම ජීවිතය ගැන හෝ නොසිතා ඉදිරිපත් වුවද ඔහු අවාසනාවන්ත ලෙස දියේ ගිලී මිය ගියේ ය.
https://www.youtube.com/watch?v=JrnMzZDGpSY&feature=youtu.be