දියගම යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවයි

දියගම යෝජිත ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන්නැයි, අගමැතිගෙන් උපදෙස්

by Staff writer 21-05-2020 | 4:58 PM
COLOMBO (News 1st) : දියගම, යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම අත්හිටුවන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී  ඇත්තේ, එම මුදල් පාසල් ක්‍රිකට් හා ක්‍රීඩාංගණ සංවර්ධනයට යොදවන ලෙසයි.