ජුනි මාසයේ රුපියල් 5000 ලබා නොදීමේ තීරණයක්

ජුනි මාසයේ රුපියල් 5000 ලබා නොදීමේ තීරණයක්

by Staff writer 21-05-2020 | 7:14 PM
COLOMBO (News 1st) : රුපියල් 5000 හේ දීමනාව ජුනි මාසේයේදී ලබා නොදීමට රජය තීරණය කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මැයි මාසයේ 51,44046 දෙනෙකුට 5000 දීමනාව ලබා දෙන බවයි. ජුනි මාසය සඳහාත් බැංකුවලින් ණය ගැනීමෙන් හෝ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට 5000 හේ දීමනාව ලබාදීමට තීරණය කර තිබුණ ද ජුනි මාසයේ එම දීමනාව ලබාදීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදි පෙන්වා දුන්නේ ය.
''මැතිවරණ කොමිෂන් සභාව විසින් එවා තිබුන ලිපියක් ජනාධිපති ලේකම්තුමා විසින් තැබිනට් මන්ඩලයට ඉදිරපත් කළා. මේ තියෙන්නේ ඒ ලිපිය. ජුනි මාසේට මේ විදිහට 5000 ක් දෙන්න ඕනේද කියලා සලකා බලන්න කියලා තමයි මැතිවරණ කොමිසමේ මතය ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජුනි මාසයේදී මේ පන්දාහේ දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව කැබිනට් මන්ඩලය විසින් සට දැණුම් දෙන ලෙස අපිට දැනුම් දුන්නා''
එමගින් ප්‍රකාශවන්නේ , රු. 5000 බෙදාදීමේ වැඩසටහන දේශපාලනීකරණය වී ඇතැයි, යන්න මින් හැඟී යන බව නොවේ දැයි, එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ය. ඊට සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය. දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් 5000 ලබාදුන්නා කියන එක සාධාරණ නෑනේ අපි දේශපාලන වශයෙන් කිසිම තැනකට ප්‍රතිලාභ ලබාදෙන තැන්වලට අපි ගිහිල්ලා නෑ මෙහිදී සමකැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ, මැතිවරණ කොමිසමේ නියෝගවලට ගරු කරමින් මෙම තීරණයට එළැඹි බවයි. ජුනි මාසේයේදී රුපියල් 5000 හේ දීමනාව ලබා නොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව මෙලෙස අදහස් පළ කළේ ය. සමගි ජන බලවේගයේ අපේක්ෂක අසාද් සාලි
''දැන් බන්දුල ගුණවර්ධන කියනවා කැබිනට් එකේ තින්දුවක් ගත්තා කියලා මේ 5000 ජුනි මාසයට ගෙවන්නේ නැහැ කියලා.මේ සම්පුරණයෙම්ම බොරුවක් මේ ආන්ඩුව ආපු දවසේ ඉදලා බොරුවෙන් තමයි තමයි දුවන්නේ . මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 02 කලින් බෑ කියලා දලා දිවුවාමැතිවරණ කොමිසම කියටවත් කිව්වේ නැහැ කියලා මේක දෙන්න එපා කියලා මැතිවරණ කොමිසම ලස්සනටම කිව්වේ මොකක්ද මේ රටේ ජනතාවට මේක මාස 2ක් ලස්සනටම දුන්නා පොහොට්ටුකාරයෝ දාලා බෙදන්න එපා කියලා තමයි කිව්වේ පලවෙනි එක. මේක දෙනවාද නැද්ද කියන එක ඔයගොල්ලෝ තීරණය කරන්න. හැබැයි ඒක මේ විදියට තමයි කෙරෙන්න ඕනේ කියලා තමයි ප්‍රකාශ කෙරුවේ. දැන් ඕක මැතිවරණය අනිවාර්යයෙන්ම කල් යනවා වාසියක් හම්බවෙන්නේ නැහැ කියලා හිතාගෙන ආණ්ඩුව මොකද කෙරුවේ. වහාම ආණ්ඩුව තීරණය කෙරුවා.ජුනි මාසයේ අපි මේක දෙන්නේ නැහැ මැතිවරණ කොමිසම ඔලුවට දැම්මා මේක. මේ සම්පුර්ණයෙන් බොරුවක් ආණ්ඩුව ආපු දවසේ ඉදලාම සම්පුර්ණ බොරුවෙන් තමයි යන්නේ දැන් තුනෙන් දෙක ඉවරයි දැන් රජය දන්නවා ජුනි මාසයේ මුන්ට දුන්නත් එකයි නැතත් එකක් මැතිවරණයක් නැහැ. ඒ නිසා අපි මේක නවත්වනවා ඒනිසා බොරුවට කොමිසමේ ඔලුවට දැම්මා''
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක එස්.එම්.චන්ද්‍රෙස්න
''රජය නම් අල්ලසක් හැටියට නෙවෙයි ජිවත් වෙන්න තමයි මේක ලාබාදෙන්නේ එහේමනම් මැතිවරණය ඉක්මන් කරලා ඒක අවසන් කරන්න. ආධාර දෙන්න එපැයි කියන්නේ මැතිරවණ කරන්නපුලුවන් පසුබිමක් තියෙනවා කියන එකනේ ඒ නිසා කෙසේ හෝ ජනතාවට දෙන්න පුලුවන් සහනය දුන්නා. මැතවරණ කොමිසමෙන් ඒ විදියට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා තියෙද්දි ජුනි මාසයේ මේක දෙන්න බැරුව යනවා. ඉතාම කණගාටුදායකයි මේ ජනතාවට උදව් කරන්න ගිහිල්ලා ඒකත් නැතිවීම පිළිබදව කියන එකත් මම විශේෂයෙන් කියන්න ඕනේ''
සමගි ජන බලවේගයේ අපේක්ෂක පී. හැරිසන්
''ඊයේ එතුමා ඇවිල්ලා කිව්වා මේ දෙගොල්ලෝ පන්දහස දීමනාවේ කමිටුවට දේශපාලඥයෝ අයින් වෙන්න ඕනේ කියලා. දේශපාලඥයෝ දැම්මේ නැතව රජ්‍ය නිලධාරින් දැම්මා නම් මේක ස්වාධීනව කෙරෙනවා. එහේමනම් මේ මොනද කථා ඒ ගොල්ලො 5000 නවත්වන්නේ මැතිවරණ කොමාරිස්තුමාට ආදරයට නෙවෙයි ඡන්දය නැති නිසා මැතිවරණ කොමසාරිස්තුමා සති 10 කවත් කාලය ඉල්ලනවා. දැන් අද කාපු එක තව සතියක් දෙකක් යනකොට අමතක වෙයි කියලා මේක නවත්වනවා ඇරෙන්න රටේ මැතිවරණ කොමාසාරිස්වරයාගේ අණට කිකරු වෙලා නෙවෙයි''
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක මධුමාධව අරවින්ද
''ඒ නිසා මෙහිදි ගන්න කිසිම උත්තරයක් අපි හිතුවේ නැහැ. දේශපාලනීකව බැරිකම්වලට පක්ෂ ලාංචන හෝ වර්ණ හදපු නැති නිසයි රටේ මිනිස්සු ලක්ෂ 75 කට රුපියල් පන්දහස දෙන්න ගත්තේ අපි හිරේ දැම්මේ නැහැ. ආණ්ඩුවට ජයවේවා කිව්වා නැහැ රටට ජයවේවා කිව්වේ හොදක් වේවා කිව්වේ තින්දු තීරණ ගන්න සාකච්ඡා කරන්නට යනවා රුපියල් පන්දහස ඔබට නැති කරන්න ඒ නිසා අපි අහන්නේ මැකෝ සම්බන්ධව හිතුවේ නිර්පාක්ශිකයි කියලා අපි අහන්නේ මැකෝගෙන් මැකෝ මේ මොකෝ''
ජනාධිපති නීතීඥ අපේක්ෂක මෛත්‍රී ගුණරත්න

''එතකොට මැතිවරණ කොමසාරිස්තුමා මේ ලියුම ආන්ඩුව අරගෙන පාවිච්චි කරනවා මැතිවරණ කොමසාරිස්ගේ ලියුම නිසා අපි මේ 5000 බෙදන්නේ නැහැ කියලා. ආණ්ඩුව පැහැදිලිවම මේ 5000 බෙදිල්ලෙන් ආණ්ඩුව කරන්න හැදුවේ ඡන්ද වයාපාරයක් දේශපාලනයක් මැතිවරණ කොමසාරිස්ගේ ලියුමෙන් ආණ්ඩුවට පැහැදිලිව කියලා තියෙනවා ප්‍රාදේශිය සබා මන්තරුවු සියලු දෙනා මෙකෙන් ඉවත් කරන්න කියලා මොකද පසුගිය 5000 බෙදනකොට පැහැදිලි දේශපාලන ව්‍යාපාතියක්කලේ ඒ නිසා ආණ්ඩුව පසුගිය 5000 බෙදුවේ තනිකර රටේ ජනතාවගේ කොහෝම හරිකරලා ඡන්දය මංකොල්ලකන්න තමයි 5000 බෙදුවේ. ඒ නිසා දැන් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා මැතිවරණ කොමසාරිස්ගේ ලියුම ප්‍රකාරව දෙවැනි අදියරේ 5000 ගෙවන්නේ නැහැ කියලා. ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා''

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජානක වක්කුඹුර ''මැතිවරණ කොමිසමක් තිබුනොත් , මේ රටේ ජනතාව මේ 5000 හම්බ වෙන්නේ නැති වුනාම සමහර විට ජනතාව පාරට බහින්න ඉඩ තියෙනවා. දිපු මුදල නවත්තන්න මැතිවරණ කොමිසම කටයුතු කරනවා නම් මේ මාස 02 ක් දෙන කොට හොදයි ඊ ලග පාර දෙනකොට තමයි වැරදි'' පුරවැසි හඬ, කැඳවුම්කරු චන්ද්‍රසේන විජේසිංහ එතකොට දැන් පන්දහසේ දිමනාව නතර කරනවා එක පැත්තකින් මුලු මහත් සමාජයේම විරෝධය කොමිසම වෙත කොමසාරිස්වෙත යොමුකරමින් එතකොට මේක බරපතල ප්‍රශ්ණයක් වෙනවා පහුගිය කාල පරිචේදය පුරාම ස්වාධින මැතිවරණ කොමිසමට එරෙහිව ජනමතයක් හදන්න නිර්මාණය කරන්න විරෝධයක් නිර්මාණය කරන්න. බරපතල උත්සායන් ගත්ත කණ්ඩායමක් හිටියා අපි දැක්කා දේශපාලන කරලියේ එතකොට මෙන්න ඒ උවනාවේම කොටසක්ද කියන බරපතල ප්‍රශ්ණය අපිට තියෙනවා මොකද මේ ස්වාධින කොමිසන් සභා නිසා තමයි ඇත්තටම ගත්තොතින් ප්‍රජාතන්තවාදය කිසියම් ආකාරයකට හෝ රැකිලා තියෙන්නේ ඉතාම පහත් නිර්ලජ්ජීත ලෙස මේ තත්ත්වය යොදාගැනීම අපි කිසිලෙසකින්වත් අනුමත කරන්නේ නැහැ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
''පවුලකට පන්දහස නෙවෙයි පවුලකට 20000 ක් ලබාදෙන්න මුල ඉදලා අපි කිව්වේ මේ කථාවඅපි ලැහැස්තියි පන්දහස නෙවෙයි 20000ක් ලබාදෙන්න. දුප්පත් මනුස්සයන්ගේ සල්ලි උකසට තියලා බැංකුවලින් ණය අරගෙන පන්දහස දෙන්නට කිසිසේත්ම අවශ්‍ය නැහැ. වහාම පාර්ලිමේන්තුව කැදවන්න අපි 5000 ට 20000 ක් අනුමත කරලා දෙන්නම් හැම පවුලකටම. ඒ වගේම මැතිවරණ කොමිසම තහංචියක් දමලා නැහැ 5000 දෙන එකට තහංචිය තිබෙන්නේ දේශපාලඥයින්ට සුදුස්සන් තෝරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා බොරුව මත පදනම් වෙලා බොරුවට වහල්වෙන්න බොරුව ඉදිරිපත් කරලා මේ රටේ ජනතාව නොමග යවන්න එපා. මැතිවරණ කොමිසම කිසිදාක කියලා නැහැ. 5000 දෙන්න එපා කියලා පන්දහසට 20000 දෙන්න ඕනේ හැබැයි දේශපාලනීකරණය කරන්නට එපා.රජයට සම්බන්ධ සබාපතිවරු,උපසබාපතිවරු ගෙන්වලා රාජ්‍ය නිලදාරියාව මහපුටුවෙන් එලියට දාලා මන්ත්‍රිවරයා රජවෙලා සබාපතිවරයා වෙලා සුදුස්සන් තෝරන එක වැරදියි. ඒකට කිසිසේත්ම වැරදියි. ඒකට අවසර දෙන්නත් හොද නැහැ. ඒ මත දමලා 5000 දෙන්නට බැරියැයි කියන නොහෝබිනා කථාව කියන්නට එපා කියලා මම ප්‍රකාශ කර සිටිනවා'' https://www.facebook.com/NewsfirstSL/videos/712163216210014/